Minnesota lawmaker’s killer pleads guilty, avoids potential death penalty
trial
-
The shooting rampage last year, which left two dead and two critically
injured, roiled the state and stoked concern about rising rates of
politically motiv...
Monday, October 9, 2017
ලිට්රෝ සභාපති ශලිල අත්අඩංගුවට
තායිවාන බැංකු සයිබර් කොල්ලය
නුගේගොඩ නාලන්දාරාමයේ සැඟව සිටි
ලිට්රෝ සභාපති ශලිල අත්අඩංගුවට
තායිවානයේ ෆා ඊස්ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ පරිගණක පද්ධතියට සයිබර් උපක්‍රමයකින් පිවිස ඇමරිකාවේ සිටි බැංකුවේ මුදල් වංචා කිරීමේ සිද්ධියේ මහමොළකරු ලෙස සැකකරන ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ ඊයේ පස්වරුවේ රහස් පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට පත්ව ඇත.
මින් ඉහත මෙම සිද්ධියට සම්බන්ධ විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් ජාලිය නම්මුනිගේ පුත්‍රයා වන එම්.සී. නම්මුනි අත්අඩංගුවේ පසුවන අතර ඔහුගෙන් ලැබුන තොරතුරු අනුව ශලීල මුණසිංහ සොයමින් පොලිසිය විමර්ශනයක් සිදු කරමින් පැවතිණි.
ශලිල අත්අඩංගුවට ගැනීමට සොයන බව සැලවී නිවසින් පළාගොස් සිටි අතර ඔහුගේ හිතවතෙකු වන මන්ත්‍රී රවී කරුණානායකගේ රැකවරණය ලබමින් නුගේගොඩ නාලන්දාරාමයෙහි
සැඟව සිටින බව පොලිසියට තොරතුරු ලැබී තිබියදී ජනාධිපති නිතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මාර්ගයෙන් ඔහු භාර විය.
ශලිල මුණසිංහ යනු පසුගිය ජනපතිවරණයේ ජනපති මෛත්‍රී තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (හංසයා) පක්ෂයේ සභාපතිවරයාය. Continue ►
YOU MIGHT ALSO LIKE

RSS Feed
Twitter
Facebook